Monday, April 29, 2024

General line - 0115112241

අද ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි




ඌව පළාතේත්, මඩකළපුව, අම්පාර, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි. 

උතුරු සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.