Monday, April 29, 2024

General line - 0115112241

මම හෙට ඉදලා උසාවි යනවා : ධුරයෙන් ඉවත් කෙරුණු ඇමති සුසිල් කියයි




රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමයන්ත තමාව ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පළමු වරට මාධ්‍ය වෙත සිය අදහස් ප්‍රකාශ කර සිටියා.

ඒ, ඔහු අද (04) උදෑසන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුවයි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම තීරණය තමන්ට ආශිර්වාදයක් බවත්, තමන් හෙට දිනයේ සිට නීතිඥවරයෙකු ලෙස උසාවියේ කටයුතු වලට සම්බන්ධ වන බවයි.

“මොකක්වත් නෑ මට ආරංචියි රාජ්‍ය ඇමතිධූරයෙන් ඉවත්කළා කියලා. මේවා ඉතින් එච්චර ලොකු දෙවල් නෙමේ. මම ඇමතිවරයෙක් වුණේ 2000. පාර්ලිමේන්තුව ආපු ගමන්.  ජනාධිපති තුන්දෙනෙක් යටතේ මම වැඩ කරලා තියෙනවා. මගේ වෘත්තියක් තියෙනවානේ හෙට ඉදලා එහේ යනවා… උසාවියට.

මට එහෙම දැනුම් දීමක් සිදුකරලා නැහැ.. විධායක ජනාධිපතිතුමාට ඕනෑම තීරණයක් ගන්න පුළුවන්. මම පෙරේදා පොලේ ගිය වෙලාවේ මාධ්‍යවේදියෙකු මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මම ඒකට උත්තර දුන්නා. වෙච්ච දේ මගේ දේශපාලන ජිවිතයට ආශිර්වාදයක්. අද තනතුර දීලා තියෙන්නේ අමුතු විදිහට. රටේ වැඩපිළිවෙල යන හැටියට පේනවා රට කොයි අතටද යන්නේ කියලා. අපිව ජනතාව පත් කරලා තියෙනවා. අපි ජනතාව වෙනුවෙන් කතා කරන්න ඕන."