Sunday, September 22, 2024

General line - 0115112241

ශාරුක් අමෙරිකාවේදී යළි අනතුරේ




අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ගුවන් තොටුපළේදී සුපිරි නළු ශාරුක් ඛාන්ට නොසිතූ ඇබැද්දියකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඒ හේතුවක් නොමැතිව ගුවන් තොටුපළ බළධාරීන් ඔහුව රඳවා තබා ගැනීමයි.

මීට පෙරද අමෙරිකානු ගුවන් තොටුපළයන්හි මෙවැනිම සිදුවීම් වලට මුහුණ දීමට ශාරුක් ඛාන් හට සිදුවුණා.

ශාරුක් මේ පිළිබඳ සිය ට්විටර් ගිණුමේ සටහනක් ද තබා තිබුණා.

කෙසේ වෙතත් ශාරුක්ගේ ටිව්ටර් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකා රාජ්‍ය දෙපාර්තුමෙන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව පිළිබඳ සහකාර ලේකම් නීශා බිස්වාල් සමාව අයැද තිබුණා.

 

Capture