Monday, May 6, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවේ ප්‍රබල භුකම්පනයක්




ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසන්නයේ අද ප්‍රභල භූ කම්පනයක් වාර්තා වුණා. විදෙස් වාර්තා පැවසුවේ එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6 යි දශම 7 ක් ලෙස සටහන්ව තිබූ බවයි. එම භූ කම්පනයේ බලපෑම ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට සහ තවත් දූපත් කිහිපයකට ප්‍රබල ලෙස දැනී තිබෙනවා. 

විදෙස් වාර්තා පැවසුවේ භූ කම්පනයේ බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාව නිවෙස්වලින් හා ගොඩනැගිලිවලින් ද ඉවත් ව ඇති බවයි. පළමු කම්පනයෙන් අනතුරුව අදාළ මුහුදු කලාපය තුළ පසු කම්පන 15 ක් සිදුව තිබුණා. 

භූ කම්පනයේ බලපෑමෙන් පාසැලක ගොඩනැගිල්ලක් සහ නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා. එක් පුද්ගලයෙකු ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. භූ කම්පනයේ බලපෑම් එල්ල වීමත් සමග ප්‍රදේශ රැසකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

කෙසේවෙතත් උදම් රළ අවදානමක් මතු නොවීම හේතුවෙන් පැය 02 කට පමණ පසුව සුනාමි අනතුරු ඇගවීම ඉවත් කර තිබෙනවා.