Sunday, May 5, 2024

General line - 0115112241

චීනයට එරෙහිව යන්න ඇමරිකාව නව නීතියක් සම්මත කර ගනියි




චීනයේ ක්‍රියාකාරකම් තරගකාරී ලෙස අභියෝගයට ලක්කිරීම සදහා ඇමරිකානු නායකත්වයට බලය හිමිවන ආකාරයේ නව නීති ඇතුළත් පනත් කෙටුම්පතකට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම නව පනත් කෙටුම්පත නම් කර ඇත්තේ COMPETE හෙවත් ඇමරිකානු අභියෝග ජයගැනීමේ පනත 2022 ලෙසින්.

මෙමගින් අන්තර්ජාතික සමුළුවලදී , සාකච්ඡාවලදී සහ ගැටලුවලදී  ඇමරිකාවට එල්ලවන අභියෝග ජයගැනීම සදහා කඩිනම් සහ ක්ෂණික තීන්දු තීරණවලට එළඹීමට අවශ්‍ය බලය ඇමරිකානු නායකත්වය වෙත ලබාදී තිබෙනවා.

ජාතික ආරක්ෂක, මූල්‍ය ආරක්ෂාව ,අභ්‍යවකාශ  ක්ෂේත්‍රය, ආදි තීරණාත්මක් ක්ෂේත්‍රවලදී ඇමරිකාවේ බලය සහ ශක්තිය ඉහළ නැංවෙන සහ ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට මෙම නව නීතිය මගින් පහසුකම් සපයන බව ද සදහන්. 

ඇමරිකානු නිෂ්පාදන ඉහළ නැංවීම, සැපයුම් පද්ධතිවල පවතින දුර්වලතා ජයගැනීමට කටයුතු කිරීම, චීනය විසින් බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉරානය සහ රුසියාව සමග පවත්වන සබදතා අධ්‍යයනය කිරීම ආදි කටයුතු ගණනාවක් සදහා මෙම නව නීතිය මගින් ඩොලර් බිලයන ගණනක ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා