Sunday, May 5, 2024

General line - 0115112241

රුසියාවේ තර්ජන මැද ජීවත්වීමට ඉගෙන ගෙන අවසන් - යුක්රේන ජනපති ලෝක නායකයින්ට කියයි




රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයක් ඇතිවීමේ සම්භාවිතාවක් ඇති බවට ලෝක නායකයින් අධිතක්සේරුවකින් කටයුතු කරමින් සිටින බව යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙන්ස්කි පවසනවා. 

ඔහු ඒ බව පැවසුවේ යුක්රේනය පදනම් කර ගනිමින් රුසියාව හා අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති පසුබිමක් තුළයි. කෙසේවෙතත් මෙම අර්බුදය හේතුවෙන් සිය රටේ ආර්ථිකය අස්ථාවර වී ඇති බවටයි යුක්රේන ජනාධිපතිවරයා චෝදනා නැගුවේ. මෙම අර්බුදයත් සමග යුක්රේනය පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් තමන් අමෙරිකානු ජනාධිපතිවරයා සහ ප්‍රංශ ජනාධිපතිවරයාව දුරකථනය හරහා දැනුවත් කළ බව ද යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කළා. 

රුසියාවෙන් එල්ල වන අඛණ්ඩ තර්ජන නියත වුවත් එම තර්ජන මධ්‍යයේ ජීවත්වීමට යුක්රේන වැසියන් ඉගෙන ගෙන ඇති බවයි. එහෙත් රුසියාවේ ක්‍රියාකලාපයන් හමුවේ ලෝක නායකයින් විසින් දිගින් දිගටම යුද්ධයක් ගැන අනතුරු ඇගවීම හමුවේ එයින් අදහස් වන්නේ “භීතය” බවටයි යුක්රේන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

කෙසේවෙතත් රුසියාව විසින් යුක්රේන දේශසීමාව ආසන්නයේ විශාල වශයෙන් සිය හමුදාව ස්ථානගත කිරීම හමුවේ අමෙරිකාව හා යුක්රේනය අතර අර්බුදයක් නිර්මාණය වී ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාවේ මෙම ක්‍රියාකලාපය භයානක නමුත් එහි අරමුණ අපැහැදිළි බවයි යුක්රේනය අමෙරිකාව වෙත පවසා ඇත්තේ. කෙසේවෙතත් යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව සූදානම් වන බවට අමෙරිකාව දිගින් දිගටම පවසනවා. කෙසේවෙතත් යුක්රේනය ආක්‍රමණය කරන බවට එල්ල වන චෝදනා රුසියාව ද තරයේ ප්‍රතික්ෂේප කළා.