Thursday, May 9, 2024

General line - 0115112241

කොරෝනා නිසා දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරේ




නියාමකවරුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද දිනයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 06ක්. පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන් වාර 03ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 02ක් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක් ඇතුලු දුම්රිය ගමන්වාර 14ක් එලෙස අවලංගු කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මාස කිහිපයකට පසු දෛනික වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 

ඒ  ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,056ක් මෙරටින් වාර්තා වීමත් සමගින්. කෙසේවෙතත් සෞඛ්‍ය නී්ති දැඩි කිරීමෙන් පමණක්  කොරෝනා වෛරය  පාලනය කළ නොහැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මෙම අවස්ථාවේ ඒ සඳහා ජනතාවගේ සහයෝගය  ඉතා අත්‍යාවශ්‍ය වන බවයි නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරා්ල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ. 

මේ අතර දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදෙශ පෙබරවාරි 28වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරා්ල්වරයා වැඩිදුරටක්  ප්‍රකාශ කළේ.