Saturday, May 4, 2024

General line - 0115112241

යුගදනවි බලාගාරය යළි යථා තත්ත්වයට




නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ හටගත් දෝෂය යථා තත්ත්වයට පත් කර තිබෙනවා. 

ඒ අනුව මේ වනවිට මෙගාවොට් 100 ක ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කළ බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ. 

ඊයේ දිනයේ එම ජනන යන්ත්‍රයේ හටගත් දෝෂය හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව මෙගාවොට් 270 ක්. ඉතිරි මෙගාවොට් 170 ඉදිරියේදී පද්ධතියට එක් කරන බවද එම මණ්ඩලය සදහන් කළා.

මේ අතර අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. 

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ ඇති වූ දෝෂය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවක් සිදුකිරීමට කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබාදුන්නේ නැහැ. 

එහෙත් ඊයේ පස්වරුවේ 6.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ පැයක පමණ කාලයක්  කොටස් 4 කට විදුලි කප්පාදුව කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ. ප්‍රදේශ කිහිපයකින්  විදුලිය බිද වැටීම් පිළිබදව ඊයේ පස්වරුවේම වාර්තා වුණා. 

අවසරයකින් තොරව එලෙස විදුලි කප්පාදු කළේ කෙසේ දැයි නෙත් නිවුස් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායකගෙන් විමසීමක් කළා.

මේ අතර සතියක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාදීමට බලශක්ති අමාත්‍යවරයා එකඟ වූ බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සදහන් කළා.