Sunday, May 5, 2024

General line - 0115112241

දුම්රිය හරස් මාර්ග 400 ක් තවමත් අනතුරේ 




දුම්රිය හරස් මාර්ග 400 කට තවමත් ක්‍රියාකාරී ආරක්‍ෂාවක් ලබාදී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

මෙරට දුම්රිය මාර්ග පද්ධතිය තුළ ඇති දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව දහසක්. ඉන් ක්‍රියාකාරී ආරක්‍ෂාවක් මේ වනවිට ලබාදී ඇත්තේ දුම්රිය හරස් මාර්ග 600 කට පමණක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. 

එහෙත් අනෙකුත් දුම්රිය හරස් මාර්ග සදහා සංඥා පුවරු සවි කර ඇති බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළා.

කෙසේවෙතත් දුම්රිය හරස් මාර්ගවලදී සිදුවන අනතුරුවලින් ඉකුත් වසරේ ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ පුද්ගලයන් 15 දෙනෙකු පමණක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

දුම්රිය හරස් මාර්ග පිළිබද යළිත් කතාබහක් ඇති වුණේ ඉකුත් පළමු වනදා සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකුගේ දිවි අහිමිවීමත් සමගයි.

 බූස්ස ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී බෙලිඅත්තේ සිට අනුරාධපුර බලා ධාවනය වූ දුම්රියට ත්‍රිරෝදයක් රථයක් ගැටී එම අනතුර සිදුවුණා.