Sunday, May 5, 2024

General line - 0115112241

වැඩ ලක්ෂයක් වැඩසටහන අද පෙරවරුවේ 




සියලු ග්‍රාම නිලධාරි කොට්ඨාශ ආවරණය කරමින් අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ කරනවා. 

ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 100 ක්. ජනතාව විසින් තෝරා ගන්නා සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ. 

එම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා තාක්ෂණික සහය ලබාදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව ද එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමෙන් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.