Monday, May 6, 2024

General line - 0115112241

සතියක් තුලදී මෙරට කොරෝනා ආසාදිතයින් සියයට 30 කින් ඉහළට




ඉකුත් සතියට සාපේක්ෂව මෙම සතියේදී මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ ඉකුත් සතියට සාපේක්ෂව මෙම සතියේදී වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව ද සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. 

රට තුළ දැඩි සෞඛ්‍ය සීමා පැනවීමකින් තොරව එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නම් කොරෝනා මර්දන එන්නත්කරණය සඳහා සියලුදෙනා සහය ලබාදිය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

මේවනවිට වාර්තා වන කොරෝනා මරණ වලින් බහුතරයක් පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ. මේවනවිට මෙරට ජනගහනයෙන් සියයට 39 ක ප්‍රතිශතයකට බූස්ටර් මාත්‍රාව ලබාදී තිබෙනවා. එය සියයට 70 ක ප්‍රතිශතයක් දක්වා වර්ධනය කරගත හොත් ජනජීවිතය තවදුරටත් සාමාන්‍ය පරිදි පවත්වාගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.