Monday, May 6, 2024

General line - 0115112241

කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය අවධානමක

ඩී ඩී වානගුරු




කිරි එළදෙනුන්ට ලබාදෙන ආහාරවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ද අවධානමට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා කිරි ආහාර නිෂ්පාදන සංගමය පවසනවා. 

එහි උප සභාපති මංජුල නිශාන්ත අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ද ඉහළ දැමිය යුතු බවයි. 

පවතින තත්ත්වය හමුවේ යෝගට් එකක මිල රුපියල් 05 ත් 10 ත් අතර මිලකින් ඉහළ දැමිය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.