Monday, May 6, 2024

General line - 0115112241

රුපියල් දහසේ නෝට්ටුවක් නිසා ආධුනික බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්




ආධුනික බන්ධනාගාර නියාමකවරයෙකු විසින් රුපියල් දහසේ නෝට්ටුවක් සිය ඇඳුම් අතර සඟවාගෙන බන්ධනාගාරය තුලට රැගෙන යාමට උත්සහ කිරීමේ සිද්ධියක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් වාර්තා වුණා. 

අදාළ ආධුනික බන්ධනාගාර නියාමකවරයා විසින් අධිකරණ රාජකාරි අවසන් කර රැඳවියන් බන්ධනාගාරය තුලට ඇතුලත් කිරිමෙන් පසුව ඔහු ද බන්ධනාගාරය තුලට ඇතුළුවිමට උත්සහ කළ අවස්ථාවේදි  කොළඹ රිමාණ්ඩ් බන්ධනාගාරයේ රාජකාරියේ යෙදි සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අදාළ නියාමකවරයාව පරීක්ෂා කර තිබෙනවා. 

එහිදී අදාළ නිලධාරියා විසින් සිය ඇඳුම් තුළ සඟවා සිටි රුපියල් 1000 නෝට්ටුවක් බන්ධනාගාරය තුලට රැගෙන යාමට උත්සහා කල අවස්ථාවේදි ඔහුව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර අධිකාරිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ වන විට  විමර්ශනයට යටත්ව අදාළ ආධුනික නියාමකවරයාගේ වැඩ තහනමට ලක් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.