Monday, May 6, 2024

General line - 0115112241

කොවිඩ් රෝගීන් ඉහළට : එන්නත නොගත් අයට අතුරු ආබාධ 05 ගුණයකින් ඉහළට




මෙරටින් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,243ක් මෙරටින් හදුනා ගැණුනු බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදි‘තයින් සංඛ්‍යාව හය ලක්ෂ 15,902ක්. 

කෙසේවෙතත් එම පිරිසෙන් පුද්ගලයින් පන් ලක්ෂ 80,220ක් සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,138ක්. 

මේ අතර කොරෝනා මර්ධන එන්නත ලබා නොගත් පුද්ගලයෙකුට එම වෛරසය ආසාදනය වීමෙන් ඇතිවන අතුරු ආබාධ පස්ගුණයකින් පමණ වැඩි බව නවතම වෛද්‍ය වාර්තාවලින් හෙළි වී තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශණී ගලප්පත්ති. 

කොරෝනා ආසාදිතයින් ලබා ගත යුතු බවට සමාජ මාධ්‍යවල පළවන ඖෂධ ලබා ගැනීමෙන් වළකින ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

අද දිනයේද එන්නත්කරණ වැඩසටහන ප්‍රදේශ රැසකදී ක්‍රියාත්මකයි. මෙතෙක් පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට ඒ පිළිබඳ තොරතුරු සිය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විමසීමෙන් ලබා ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.