Monday, May 6, 2024

General line - 0115112241

සයිබර් ප්‍රහාර ගැන ඇමරිකාවෙන් චීනයට චෝදනා




ලෝකයේ සෙසු සියලු රටවල සිට එල්ල වන සයිබර් ප්‍රහාරවලට වඩා වැඩි සංඛ්‍යාවක් චීනය විසින් තම රට වෙත එල්ල වෙමින් පවතින බවට ඇමරිකාව චෝදනා කරනවා.

විශේෂ හමුවක් අමතමින් ඇමරිකානු එෆ්බීඅයි ආයතනයේ විමර්ශන අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වොරේ සදහන් කළේ  මේ සදහා චීන රජය මුලුමනින්ම වගකිය යුතු බවයි.

තමන්  මේ සම්බන්ධයෙන්  චීන ජනතාවට චෝදනා නොකරන බව ද ඇමරිකාවේ නවෝත්පාදන දැනුම සහ තාක්ෂණය සොරා ගැනීම සදහා චීන රජයේ මෙහෙයවීමෙන් මෙම සයිබර් ප්‍රහාර එල්ල කෙරෙන බව ද එෆ්බීඅයි අධ්‍යක්ෂවරයා සදහන් කළා.

මෙම සයිබර් ප්‍රහාරවල ආසන්නතම සිදුවීම පෙබරවාරි මුල් සතියේ දී වාර්තා වී ඇති අතර එහි ඉලක්කය වී ඇත්තේ රේගන් ජනාධිපති පුස්තකාලයයි. 

මේ වනවිට එෆ්බීඅයි ආයතනය විසින් චීනය විසින් එල්ල කළ සයිබර් ප්‍රහාර 2000 ක් පමණ  පිළිබදව විමර්ශන සිදුකරමින් ඇති බවයි ක්‍රිස්ටෝපර් වොරේ වැඩිදුරටත් කියා සිටියේ.