Monday, May 6, 2024

General line - 0115112241

අප්‍රේල් 30 වෙනිදා සිට ක්‍රියාත්මක ගැසට් නිවේදනය




පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට ලබන අප්‍රේල් මස 30වනදා සිට පොදු ස්ථානවලට ඇතුලු වීම සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.  සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊට අදාල නියෝග ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධානයන් යටතේයි. 

ඒ අනුව පොදු ස්ථානය යන්නෙන් අයිතියක් ලෙස හෝ අන්‍යාකාරයෙන්, ගෙවීමක් සිදු කර හෝ ගෙවීමක් සිදු නොකර ආරාධනයක් මත හෝ ආරාධනයක් නොමැතිව ජනතාවට ප්‍රවේශය සහිත යම් ස්ථානයක් හෝ පොදු ප්‍රවාහනයේදී භාවිත කරනු ලබන ප්‍රවාහන ක්‍රමයක් අදහස් වනවා. 

මෙම ගැසට් නිවේදනයට අනුව සමස්ථ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නිසි බලධරයා විසින් නිදහස් කර ඇත්නම් මිස, කොරෝනා වෛරස් රෝගයට එරෙහිව පූර්ණ එන්නත්කරණයක් කර තිබෙන බව ඔප්පු කිරීමට සාධක නොමැතිව තැනැත්තෙකු යම් පොදු ස්ථානයකට ඇතුලු නොවිය යුතුයි. “පූර්ණ එන්නත්කරණය” යන්නෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිෂ්චිතව දක්වා ඇති පරිදි අදාල එන්නත්කරණයේ අවශ්‍ය මාත්‍රාවන් අදාල තැනැත්තා විසින් ලබා ගෙන ඇති බව අදහස් කෙරෙනවා. 

මේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පුර්ණ එන්නතකරණය පිළිබඳ කරුණු දැක්වූ කොවිඩ් 19 පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන සම්බන්ධීකාරක, වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානී. 

එම ගැසට් නිවේදනය පහතින්.