Monday, May 6, 2024

General line - 0115112241

මෙම වසරේ ඩෙංගු රෝගීන් 8,205ක්




මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 8,205 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඉකුත් ජනවාරි මාසයේ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,702 ක්. 

ඉන් වැඩිම පිරිස වන 140 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අතරින් කොළඹ නගර සීමාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48 ක්.  

ඉකුත් දින හතරේ පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 503 ක් වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. මෙලෙස ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහල යාම සම්බන්ධයෙන් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග ඩෙංගු පිළිබඳ ජනතාවගේ ඇති අවධානය අඩු වීම ඊට හේතු වී ඇති බවයි.