Monday, May 6, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් ගැන දයාසිරි හෙළි කරයි




මෙරට ආර්ථික අර්බුදයට දේශාපලඥයින් මෙන්ම තවත් පාර්ශව කිහිපයක් වග කිව යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය නිෂ්පාදන සඳහා ව්‍යාපාරිකයින් වැඩි ඉඩකඩක් ලබා නොදීමද ආර්ථිකය කඩා වැටීමට බලපෑ බවයි. 

රට හමුවේ පවතින ඩොලර් අර්බුදය කෙටිකාලීන විසදා ගත හැකි ආකාරය පිළිබඳවද එහිදී අදහස් පළ කෙරුණා. 

මේ අතර දේශපාලඥයා සහ රාජ්‍ය සේවකයා රට හමුවේ පවතින ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට සමාජය විසින් විත්තිකරුවන් ලෙස මේ වන විටත් නම් කර ඇති බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ.

කෙසේවෙතත් සමගි ජන බලවේගය පවසන්නේ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් නිර්පාක්ෂික විසදුමකට එළෙඹිය යුතු බවයි. මේ කැළණිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ පිළිබඳව කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා.