Monday, May 6, 2024

General line - 0115112241

හෙට සිට වියළි කාලගුණය වෙනස් වෙයි




හෙට රාත්‍රී කාලයේ සිට පවතින වියළි කාළගුණික තත්ත්වයේ වෙනසක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. සබරගමුව පළාතේත්, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.