Monday, May 6, 2024

General line - 0115112241

නිවෙස්ගත කොවිඩ් රෝගීන් වැඩිවෙයි - බූස්ටර් ගන්න වැඩි උනන්දුවක්




නිවෙස්තගව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,243 දෙනෙකු හඳුනාගැණුනු අතර දෛනික ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස දහසේ සීමාව ඉක්මවා ගියේ අඛණ්ඩව හයවන දිනටයි. 

මේ වන විට නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,000 ඉක්මවා ඇති බවයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන සඳහන් කළේ.

ළමුන් අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය ද වැඩි වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. රිජ්වේ ආර්්‍යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය සඳහන් කළේ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ ළමුන් 110 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට ලබන අප්‍රේල් මස 30වනදා සිට පොදු ස්ථානවලට ඇතුලු වීම සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.  සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊට අදාල නියෝග ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධානයන් යටතේයි.

පොදු ස්ථාන කවරේද යන්න ඉදිරියේදී දැනුම්දෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා.

මේ අතර මේ වන විට බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සඳහා ජනතාවගේ වැඩි උනන්දුවක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙම මාසයේ ගතවූ දින 04 තුළ පමණක් තුන් ලක්ෂ 28,000 කට අධික පුද්ගලයින් සංඛ්‍යාවක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙසක් දෙනු ලැබුවා.