Monday, May 6, 2024

General line - 0115112241

විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට මාර්ගය අවහිර වෙයි




බත්තරමුල්ල, ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටින් මාර්ග අංක 174  බොරැල්ල - කොට්ටාව ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. 

ඒ, පිරිවෙන් ආචාර්යවරුන් පිරිසක් විරෝධතාවයක නිරතවීම හේතුවෙන්. 

ඊයේ දිනයේ සිට මාර්තු මස 15 වනදා දක්වා ලබා දී ඇති පාසල් නිවාඩුව පිරිවෙන් ආචාර්ය මණ්ඩලයට නොලැබීමට විරෝධය පළකරමින් ඔවුන් එලෙස   විරෝධතාවයේ නිරත වනවා. 

මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අවට මාර්ගවලද දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.