Monday, May 6, 2024

General line - 0115112241

රාගම සිද්ධියට අරුන්දිකගේ පුතා ඇතුළු 9 දෙනාට ඇප




රාගම වෛද්‍ය පිඨයේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 09 දෙනා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අද ඇප මත මුදා හැරියා.

 සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වෛද්‍ය පීඨ සිසුන් ඇතුළු සැකකරුවන් 09 දෙනාගෙන් 05 දෙනෙකු බන්ධනාගාර නිළධාරීන් විසින් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. 

කෙසේවෙතත් එක් සැකකරුවෙකුට කොවිඩ් ආසාදනයවීම සහ තවත් සැකකරුවෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙන් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.  

සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ගේ නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ඉදිරිපත්ව ඇති බොහෝ චෝදනා සමථ මණ්ඩලයකට යොමුකර සමථයකට පත්විය හැකි චෝදනා බව පෙනී යන බවයි. 

කොවිඩ් තත්ත්වය සහ සැකකරුවන් සියලුදෙනා තරුණ වයසේ පසුවන්නන් බව සලකා ඔවුන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කෙරුණා.