Thursday, May 16, 2024

General line - 0115112241

වැඩකරන ජනතාවගේ මුදල් අධිභාර බද්දෙන් බේරාගන්න විපක්ෂය පෙරට




අධිභාර බද්ද පැනවීමට අදාළ විධිවිධාන සැලැස්වීම සඳහා සකස් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජනබලවේගය පවසනවා. වැඩ කරන ජනතාවට අයත් මුදල් එම අධිභාර බද්දට ඇතුළත් කිරීම කිසිසේත් අනුමත නොකරන බවයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ. 

මේ අතර මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට කිසිසේත් ඉඩ ලබානොදෙන බවයි අන්තර් සමාගම් සේවක සංගමය පැවසුවේ. මේ, එහි සභාපති වසන්ත සමරසිංහ. 

බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන 2,000 ඉක්මවනු ලබන පුද්ගලයෙකුගේ හවුල් ව්‍යාපාරයක හෝ සමාගමක බදු අය කළ හැකි ආදායමෙන් සියයට 25 ක් බදු ලෙස අය කර ගැනීමට අදාළ පනත් කෙටුම්පත ඉකුත් දා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබුණා. එම අධිභාරය අය කෙරෙන කාණ්ඩයට සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික ඇතුළු අරමුදල් ද ඇතුළත්.