Thursday, May 16, 2024

General line - 0115112241

අනුරපුර රැළියේදී අගමැතිගෙන් විපක්ෂයට අභියෝගයක්




යහපාලන සමයේ බිඳවැටුනු ජාතික ආරක්ෂාව මෙන්ම සංස්කෘතික වටිනාකම් සිය දෙවසරක පාලන කාලය තුළ යළි ගොඩනැංවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ අද පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොදුජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද රැළිය ඇමතුවා. 

කුමන්ත්‍රණ අත්හැර හැකිනම් රජය පරාජය කරන ලෙස විපක්ෂයට අභියෝග කරන බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියා.