Thursday, May 16, 2024

General line - 0115112241

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනයට වාරණ නියෝගයක් 




සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය අද හතරවන දිනයටත් ක්‍රියාත්මක වනවා. 

අද දිනයේද රෝහල් රැසක කටයුතු අඩාල වූ අතර ප්‍රතිකාර අපේක්‍ෂාවෙන් පැමිණි රෝගීන්ද පත්වූයේ දැඩි අපහසුතාවකටයි. 

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පැවසුවේ සිය ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් මෙතෙක් අවසන් විසඳුමක් නොලැබීම හේතුවෙන් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි. 

කෙසේවෙතත් වර්ජන ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට හා එහි සභාපති සමන් රත්නප්‍රියට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් අද පස්වරුවේ වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. 

ඒ, නීතිපතිවරයා විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි. 

හෙද නිලධාරීන්ගේ වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වා තිබෙනවා. නීතිපතිවරයාගේ ඉල්ලීම පිළිගත් කොළඹ දිසා අධිකරණය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට පවත්වාගෙන යාම වළක්වමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට හා එහි සභාපතිට එරෙහිව වාරණ නියෝග නිකුත් කර තිබෙනවා.