Monday, May 6, 2024

General line - 0115112241

පකිස්තානයේ කාන්තාවන්ට එරෙහි අපරාධ දරැණු ලෙස ඉහළට




පකිස්තානය තුළ කාන්තාවන්ට එරෙහි අපරාධ දරැණු ලෙස ඉහළ ගොස් ඇතැයි එරට වාර්තා සදහන් කරනවා. පකිස්තාන මානව හිමිකම් කොමිසම, එරට පොලිසිය ඇතුළු අංශ උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ස්ත්‍රී දූෂණ, ගෞරවය පිණිස මරා දැමීම, ආදිය මේ අතර කැපී පෙනන බවයි.

පසුගිය වසර හයක කාලය තුළ පකිස්තානයෙන් ස්ත්‍රී දූෂණ සිදුවීම් 22,000 ක් පමණ වාර්තා වී තිබෙනවා. කෙසේවෙතත්, එහිදී වැරදිකරැවන්ට නිසිලෙස දඩුවම් පැමිණවීම සිදුකර ඇත්තේ සිදුවීම් 77 ක දී පමණක් වන අතර  ඒ අනුව දඩුවම් ලබාදීමේ ප්‍රතිශතය සදහන්ව ඇත්තේ .3 ක් තරම් පහළ අගයකයි.

මේ වනවිට එරටින් දෛනිකව වාර්තාවන ස්ත්‍රී දූෂණ සිදුවීම් සංඛ්‍යාව 11 ක් පමණ වන බව සදහන්. කෙසේවෙතත්, පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන අංශ වෙත වාර්තා නොවන ස්ත්‍රීන්ට එරෙහි අපරාධ සිදුවීම් රැසක් ද පවතින බව මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

මේ පිළිබද විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලාහෝර් සරසවියේ මහාචාර්යවරියක වන නීඩා කිර්මානි සදහන් කර ඇත්තේ ස්ත්‍රී දූෂණ ඇතුළු ස්ත්‍රීන්ට එරෙහි අපරාධ පකිස්තානය තුළ සංස්කෘතික ප්‍රවණතාවයක් ලෙස වර්ධනය වෙමින් පවතින බවයි.