Monday, May 6, 2024

General line - 0115112241

යුක්රේන අර්බුදය මැද අමෙරිකානු රුසියානු ජනපතිවරුන්  දුරකථන සංවාදයක




යුක්රේන අර්බුදය හේතුවෙන් මේවනවිට රුසියාව හා අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අතර පවතින්නේ දැඩි මතබේදාත්මක තත්ත්වයක්. 

කොයි මොහොතකදී හෝ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරන බවට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් චෝදනා නගමින් සිටින අතර රුසියාව එම චෝදනා තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා.

කෙසේවෙතත් මෙම අර්බුධකාරීත්වය මධ්‍යයේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් ඊයේ දුරකථන සාකච්ඡාවක් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 නායකයින් අතර පැවැති දුරකථන සංවාදය පැයක පමණ කාලයක් පැවති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහිදී අවධානය යොමුව තිබුණේ ද යුක්රේන අර්බුදය සම්බන්ධවයි. කෙසේවෙතත් සාකච්ඡාව ප්‍රගතියකින් තොරව අවසන් වූ බවයි වාර්තා වන්නේ. 

යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව තවදුරටත් පසුවන්නේ දැඩි පිලිවෙතකින් නම්, එසේම යුක්රේනය ආක්‍රමණය කිරීමටත් උත්සහ දරන්නේ නම් ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාවට ද දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි ජනාධිපති ජෝ බයිඩ්න් රුසියානු ජනාධිපතිවරයාට පවසා ඇති බවයි ධවල මන්දිරය පවසනවා.

කෙසේවෙතත් නේටෝ සංවිධානයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තමන් බටහිර රටවලට ඉදිරිපත් කළ කරුණු පිළිබඳ මෙතෙක් තමන්ට ද සාධනීය පිළිතුරක් ලැබී නොමැති බවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, අමෙරිකානු ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ.