Saturday, May 4, 2024

General line - 0115112241

පකිස්තාන තලේබාන් අර්බුදය උග්‍රවෙයි




පකිස්තානය සහ ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන් අතර  ඩුරන්ඩ් දේශසීමා රේඛාව සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්වය උග්‍රවී ඇතැයි වාර්තා වනවා.

මෙම තත්වයට හේතුවී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන්ගේ විරෝධය නොතකා පකිස්තාන හමුදාව විසින් දේශසීමාවේ වැටක් ඉදිකිරීමයි.

පසුගිය කාලයේ දේශසීමාව ආසන්න කලාපයේදී ඇෆ්ගනිස්තානයේ සිට පකිස්තාන හමුදා වෙත  එල්ල වන ප්‍රහාර ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් අදාළ වැට ඉදිකිරීම කඩිනම් කිරීමට පකිස්තානය පියවර ගෙන තිබෙනවා.

මෙම වැට  ඉදිකිරීම පෂ්තුන්  ගෝත්‍රික නිජභූමිය බෙදා වෙන් කිරීමක් බැවින් එය සිදු නොකළ යුතු බවයි තලේබාන් සංවිධානයේ අදහස වී ඇත්තේ.

කිලෝමීටර් 2670 ක් දුරට විහිදෙන ඩුරන්ට් රේඛාව නම් වූ ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය වෙන් කරන දේශසීමාව 1893 දී බ්‍රිතාන්‍ය ඇෆ්ගන් යුද්ධයෙන්  අනතුරැව බ්‍රිතාන්‍ය ඉන්දියාව සහ ඇෆ්ගනිස්තාන අධිරාජ්‍යය වෙන්කරමින් නිර්මාණය කරන ලද අතර එහිදී සාම්ප්‍රදායික පෂ්තුන් ගෝත්‍රික නිජභූමිය බෙදා වෙන් කරන ලද බවට චෝදනාවක් පවතිනවා.