Monday, April 29, 2024

General line - 0115112241

රුසියාවේ අවසන් සැලසුම "තාප බෝම්බ" ප්‍රහාරයක් ද ? බටහිර රටවල් අනතුරු අඟවයි (VIDEO)




රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්රේනය විසින් දිගින් දිගටම ප්‍රති ප්‍රහාර එල්ල කරනු ලැබුවහොත් සිය ඉලක්කය සපුරා ගැනීම සඳහා රුසියාව විසින් න්‍යෂ්ටික නොවන " සියලු බෝම්බවල පියා" යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන "තාප බෝම්බ (Thermobaric) යොදා ගැනීමට ඉඩකඩ පවතින බව බටහිර නිලධාරීන් අනතුරු අඟවා සිටිනවා.

යුක්රේනය ඉලක්ක කර ගනිමින් රුසියාව විසින් එල්ල කරනු ලැබූ කාලතුවක්කු සහ මිසයිල ප්‍රහාරයන් හා ගුවන් ප්‍රහාර වලට අමතරව ගොඩබිම් සටන් වලදී රුසියාවට අපේක්ෂා නොවූ ආකාරයේ ප්‍රති ප්‍රහාර එල්ල වීම නිසා ඔවුන්ගේ යුද සැලැස්ම ප්‍රමාද වීම මිට ආසන්නතම සිදුවීම ලෙසයි බටහිර නිලධාරීන් සඳහන් කර සිටින්නේ.

Thermobaric ආයුධ ලෙස හඳුන්වන මෙම බෝම්බ  "තාප බෝම්බ" ලෙසද හැඳින්වේ. ඒවා මෙතෙක් නිපදවා ඇති බලවත්ම න්‍යෂ්ටික නොවන අවි අතර වනවා.

2017 දී ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානයට එක්සත් ජනපදය විසින් හෙළන ලද තාප බෝම්බයක බර රාත්තල් 21,600 ක් වූ අතර එය බිම සිට අඩි හයක් ඉහළින් පුපුරා යාමෙන් පසු මීටර් 300 (අඩි 1,000) වඩා පළල ආවාටයක් ඇතිවී තිබුණා.

රුසියානු විශේෂ බලකායන් යුක්රේන අගනුවර වන කියෙව්හි තදාසන්න ප්‍රදේශවලට ළඟා වී ඇති අතර, රුසියාවේ බර අවි වැඩි ප්‍රමාණයක් තවමත් අගනුවර සිට කිලෝමීටර් 50 කට වඩා වැඩි දුරක් ඇතැයි විශ්වාස කෙරේ.

මොස්කව් කිසිදා බලාපොරොත්තු වූවාට වඩා ආක්‍රමණශීලී ආරක්ෂාවක් යුක්රේන අගනුවරදී මුහුණ දීමට සිදුව ඇත. 

රුසියානු මිසයිල ප්‍රහාර 200 කට අධික සංඛ්‍යාවක් අද දිනයේදී එල්ල කරනු ලැබ ඇති බවයි අමෙරිකාව සඳහන් කර සිටින්නේ. එම මිසයිල වලින් බොහොමයක් යුක්රේන හමුදා ස්ථාන වෙත එල්ල කර ඇති අතර සමහර ඒවා සිවිල් ජනතාව රැඳී සිටින ප්‍රදේශවලට පතිතවී තිබුණා.