Monday, April 29, 2024

General line - 0115112241

පෝලියෝ ප්‍රතිශක්තිකරණයේ යෙදුණු සෞඛ්‍ය සේවකයන් අට දෙනෙකු ඝාතනය කෙරේ




ඇෆ්ගනිස්තානයේ කුන්දුස් හා ටක්හාර් යන ප්‍රාන්තවලදී පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වල නිරත වී සිටි සෞඛ්‍ය සේවකයන් අටදෙනෙකු ඝාතනය කර තිබෙනවා.

ප්‍රාන්ත දෙකේදී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම් හතරක දී මෙම ඝාතන සිදුව ඇති බව සදහන්.

ටෙලෝ නිවුස් සේවයට අනුව කුන්දුස් ප්‍රාන්තයේ දී වෙඩි තැබීම් තුනක් වාර්තා වී ඇති අතර එහිදී සෞඛ්‍ය  සේවයේ නිරත වූ කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු හත්දෙනෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ ප්‍රාන්ත දෙකේ පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් නවතා දැමීමට තීරණය කර ඇති බවයි එම  වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

යුද්ධය  නිසා ඇෆ්ගනිස්තානයේ පෝලියෝ ප්‍රතිශක්තිකරණය වැඩසටහන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අතර මේ හේතුවෙන් පෝලියෝ රෝගය එරට දැවැන්ත සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබෙනවා.