Monday, April 29, 2024

General line - 0115112241

රුසියාව තවත් රටවල් 02කට අනතුරු අඟවයි




රුසියාව විසින් ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවල් දෙකකට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 

ඒ නේටෝ සංවිධානය සමග එක්වීමට එම රටවල් තීරණය කළහොත් ඔවුන්ට දේශපාලනික මෙන්ම යුදමය වශයෙන් බරපතල ප්‍රතිවිපාකයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි රුසියාව දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

රුසියානු විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාව වන Maria Zakharova මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් මේ බව සඳහන් කර සිටියා.

කෙසේ වුවත් රුසියානු විදේශ අමාත්‍යාංශය පසුව නිවේදනයක් නිකුත් කරමින් එය තර්ජනයක් නොවන බවට කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.

ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවල් දෙකෙහි දේශසීමාවන් රුසියාවට මායිම්ව තිබෙන අතර මෙම රටවල් නේටෝ සංවිධානය සමග එක්වුවහොත් එය සිය නිවස ඉදිරිපිටට සතුරු පාර්ශ්වයට ඒමට ඉඩ හැරීමක් ලෙස රුසියාව සඳහන් කර සිටිනවා.

ඒ නේටෝ සංවිධානයේ ප්‍රධාන පාර්ශවය ලෙස අමෙරිකාව කටයුතු කිරිම හේතුවෙන්.