Monday, May 6, 2024

General line - 0115112241

පරිසර ඇමතිගේ නියෝගත් නොසලකා - මහවැලි ගඟේ සාෆි නගර් ප්‍රදේශයේ වැලි කැණීම් ඇරඹේ




මහවැලි ගඟේ ස්භාවික ඩෙල්ටාවක් වන ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සාෆි නගර් රක්ෂිත ප්‍රදේශයේ යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් වැලි කැණීම් කටයුතු මේවන විට ආරම්භ වී ඇති බව පරිසර හා සොබාදහම් මධ්‍යස්ථානය පවසනවා. 

එහි ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් පැවසුවේ පාරිසරික තක්සේරු වාර්තාවක් හෝ නොමැතිව සාෆි නගර් ප්‍රදේශයේ මහා පරිමාණ වැලි කැණීම් ආරම්භ කර ඇත්තේ නීති විරෝධී ලෙස නිකුත් කර වැලි බලපත්‍රයක් භාවිත කරමින් බවයි. 

මෙම වැලි ජාවාරම සම්බන්ධයෙන් නෙත් නිවුස් ඉකුත් ජනවාරී මස 04වනදා උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් තොරතුරු අනාවරණ කළා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් පරිසර අමාත්‍යවරයාගෙන්ද ප්‍රශ්ණ කළ අතර ඔහු කියා සිටියේ එම නීති විරෝධි කටයුත්ත සම්බන්ධයෙන් විමර්ෂනයක් සිදු කර නීතිමය පියවර ගන්නා බවයි. 

කෙසේවෙතත් භූ විද්‍යා පතල් කාර්්‍යාංශයේ නිලධාරීයෙකුගේ අවශ්‍යතාව මත නීති විරෝධී බලපත්‍රයක් නිකුත් කර ඇති බවයි පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් චෝදනා කළේ. 

එම ස්ථානයේ වැලි කැණීම මගින් දැවැන්ත පරිසර හානියක් සිදුවන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.