Sunday, May 5, 2024

General line - 0115112241

රුසියාව යුක්රේන ආක්‍රමණය ප්‍රමාද කළ හේතුව හෙළිවෙයි




බිජිං හි පැවති ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය අවසන් වන තෙක් යුක්රේනය ආක්‍රමණය කිරිම පමා කරන ලෙස චීන බලධාරීන් විසින් රුසියාවෙන් ඉල්ලීමක් කර තිබෙන බවට හෙළිවී තිබෙනවා.

බටහිර බුද්ධි අංශ සඳහන් කර සිටින්නේ චීන නිලධාරින් විසින් රුසියාවේ ඉහල පෙලේ නිලධාරින් හමුවේ මෙම ඉල්ලීම් සිදුකර ඇති බවට වන තොරතුරු පවතින බවයි.

ශිත සෘතු ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවයට සහභාගීවීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් පැමිණි අතර එහිදී චීන ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම සිදුකළාද යන්න පැහැදිලි නොවන බවයි බටහිර බුද්ධි අංශ සඳහන් කර සිටින්නේ.

ඒ වන විටත් යුක්රේන දේශසිමා ආසන්නයේ පැවති රුසියානු යුද සුදානම අනුව ඔලිම්පික් තරග අවසානය දක්වා සිය ආක්‍රමණය ප්‍රමාද කරනු ලැබුවේ චීනය තරහා කරගැනීමට ඇති නොකැමැත්ත නිසාවෙන් වන්නට ඇති බවයි බටහිර බුද්ධි අංශ සඳහන් කර සිටින්නේ.

චීනය සහ රුසියාව අතර සන්ධානයක් ගොඩනැගෙමින් පවතින බවට සැකයක් ද මේ වන විට බටහිර බුද්ධි අංශ වෙත ඇති වෙමින් පවතී.