Sunday, May 5, 2024

General line - 0115112241

මධ්‍යම අධිවේගයේ තුන්වන කොටසේ ටෙන්ඩරය කඩිමුඩියේ ලබා දීමට සාකච්ඡා




මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝ මීටර් 20ක කොටසට අදාල ටෙන්ඩරය කඩිනමින් ලබා දීමට මහා මාර්ග අමාත්‍යාංශය සූදානම්වනවා. 

ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේදී ඊයේ දිනයේ සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ. 

අදාල ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ සමාජිකයින් එම සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා. 

කෙසේවෙතත් කමිටුව නියෝජනය කරන එක් සමාජිකයෙකු එම අවස්ථාවේ වෙනත් ස්ථානයක රැදී සිට ඇති අතර මහා මාර්ග අමාත්‍යාංශයේ වාහනයක් යවා එම සමාජිකයා සාකච්ඡාවට හදිසියේ ගෙන්වා ගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

 මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතා බහක් මතු වුණා. 

මේ අතර ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක් එක්ව ඊයේ පැවැත්වූ සමුළුවේදී අමාත්‍ය විමල් වීරවංශ, ආර්ථික අර්බුද මධ්‍යයේ මහා මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.