Monday, April 29, 2024

General line - 0115112241

රුසියානු ප්‍රහාරයකින් යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරයේ ගින්නක් (VIDEOS)




යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරයට රුසියානු හමුදාවෙන් එල්ලවූ බර අවි ප්‍රහාරයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙලෙස රුසියානු ප්‍රහාරයට ලක්ව ඇත්තේ යුක්රේනයේ පිහිටි Zaporizhzhia නම් වූ න්‍යෂ්ටික විදුලි බලාගාරයයි. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ පිපිරීමක් සමග ඇතිවූ ගින්නත් සමග න්‍යෂ්ටික විදුලි බලාගාරය ආසන්න ප්‍රදේශයේ විකිරණ මට්ටම ඉහළ ගොස් ඇති  බවයි.

න්‍යෂ්ටික විදුලි බලාගාරයේ සවිකර ඇති සජීවී කැමරා පද්ධතියේ දර්ශන අනුව එහි ගොඩනැගිලි වලට වෙඩි ප්‍රහාර එල්ලවෙන අයුරු සටහන්ව ඇති බවයි.

ගින්න නිවා දැමීමට වහාම ක්‍රියාත්මක විය යුතු බැවින් ඒ සඳහා සුදුසු වටපිටාවක් ගොඩනගා ගැනීමට නම් රුසියානු හමුදාව විසින් එම බලාගාරය ඉලක්ක කර ගෙන සිදුකරනු ලබන ප්‍රහාරයන් වහා අත්හිටුවිය යුතු බවයි එම බලාගාරයේ මාධ්‍ය ප්‍රකාශක Andriy Tuz සඳහන් කර සිටින්නේ.

රුසියානු හමුදාව යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වෙත සෑම පැත්තකින්ම වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. දැනටමත් එහි ගින්නක් හටගෙන තිබෙනවා.න්‍යෂ්ටික බලාගාරය පිපිරී ගියහොත් එය "චර්නොබිල්" න්‍යෂ්ටික බලාගාරයේ ඇතිවූ පිපිරීමට වඩා 10 ගුණයක් විශාල වනු ඇති. ඒ නිසා රුසියානු හමුදාවන් වහාම ප්‍රහාර එල්ල කිරීම නතර කළ යුතුයි" යුක්රේනයේ විදේශ කටයුතු අමාත්‍ය Dmytro Kuleba පැවසුවේ.

මෙම න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක හයක් ඇති අතර එය යුරෝපයේ ඇති විශාලතම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය සහිත බලාගාරය ලෙස සැලකෙනවා.

https://www.dailymail.co.uk/news/article-10575179/Russian-troops-fire-Ukrainian-civilians-protecting-Europes-largest-nuclear-plant.html#v-3757967577066914221