Monday, April 29, 2024

General line - 0115112241

පුද්ගලයන් 17,000 ක් මුදාගන්න ඉන්දියාවන් දැවැන්ත මෙහෙයුමක්




යුක්රේනයේ  යුද්ධයට මැදිවී සිටින ඉන්දියානුවන් 17, 000 ක් මුදා ගැනීම සදහා ඉන්දියාව විසින්  ගංගා නමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක මෙම මෙහෙයුම සදහා ගුවන් යානා 80ක් පමණ යොමු  කර ඇති බව සදහන්.

මෙය සංවිධානය කිරීම සදහා දැනටමත් ඉන්දීය මධ්‍යම රජයේ ඇමතිවරැන් සිව්දෙනෙකු යුරෝපයට යවා ඇති අතර තවත් මැතිඇමතිවරැන් විසිදෙනෙකු දේශීය සම්බන්ධීකරණ ක‍ටයුතු සදහා යොමු කර තිබෙනවා.

මෙම මෙහෙයුම සදහා එයාර් ඉන්දියා, එයාර් ඉන්දියා එක්ස්‍ප්‍රස්, ඉන්ඩිගෝ, ස්පයිස්ජෙට්, විස්තාරා, ගෝඑයාර් යන ගුවන් සේවාවලට අයත් යානා මෙන්ම ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රවාහන යානා රැසක් ද යොදවා ඇති බවයි මාධ්‍ය වාර්තා කළේ.

මේ මෙහෙයුම යටතේ යුක්රේනයේ සිටින ඉන්දියානුවන් අසල්වැසි පෝලන්තය, ස්ලොවෙකියාව, හංගේරියාව,රැමේනියාව යන රටවලට රැගෙන ඒමටත් එතැන් සිට මෙම යානා මගින් ඉන්දියාවට රැගෙන ඒමටත් නියමිතයි.

පෙබරවාරි 26 වනදා ඇරඹුණු මෙම මෙහෙයුම මාර්තු 10 වනදා වනවිට අවසන් කිරීමට නියමිත අතර දැනටමත් මේ යටතේ යානා 24 ක් මගින් පුද්ගලයන් 4000 ක් පමණ යළි ඉන්දියාවට රැගෙනවිත් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.