Monday, April 29, 2024

General line - 0115112241

රටවල් 17 ක විදේශ ඇමතිනියන්ගෙන් විශේෂ ඉල්ලීමක්




ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස ලෝකයේ රටවල් 17 ක විදේශ ඇමතිනියන් අවධාරණය කර තිබෙනවා.

ඒ එරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබද පැවැත්වූ මාර්ගගත සමුළුවක් අවසානයේ දී යි. 

ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මරිස්සේ පේන්ගේ මූලිකත්වයෙන් කැදවා තිබූ මෙම සමුළුවේ දී ඇෆ්ගනිස්තාන‍යේ කාන්තාවන් මේ වන විට මුහුණ දී සිටින මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

අනතුරැව ඔවුන් තලේබාන් පාලනය වෙත අවධාරණය කර ඇත්තේ, සියලුම වයස් ඛාණ්ඩවලට අයත් ඇෆ්ගන් කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවුරැ කරන ලෙසයි.

රැකියාවක් කිරීම, නිදහසේ සැරීසැරීම ඇතුළු සෙසු මානව හිමිකම් ද ඇ‍ෆ්ගන් කාන්තාවන් වෙත හිමිවිය යුතු බව මෙම කාන්තා විදේශ ඇමතිනියන් පිරිස වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

මීට ප්‍රතිචාර දක්වමින් තලේබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් සදහන් කර ඇත්තේ ශරියා නීතියට අනුව කාන්තා අයිතිවාසිකම් ලබාදීමට තමන් කටයුතු කර ඇති බවයි.