Sunday, May 5, 2024

General line - 0115112241

ගෑස් හෙටින් අවසන් - හෙට නැව නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් යළිත් ගෑස් හිගයක්




මේ වන විට මෙරට මුහුදේ නැංගුරම් ලා තිබෙන ගෑස් නෞකාවද හෙට දිනය තුළ නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් යළි මෙරට ගෑස් හිගයක් ඇතිවන බව ලිට්රෝ සමාගම පවසනවා. 

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සදහන් කළේ අවසන් වරට නිදහස් කළ නෞකාවෙන් ගොඩ බෑ ගෑස් තොග හෙට දිනයට පමණක් ප්‍රමාණවත් බවයි. මෙරට දෛනික ගෑස් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් 1,100ක්. ඒ අනුව අවසන් වරට ගොඩ බෑ නෞකාවේ තිබූ මෙට්ට්‍රික් ටොන් 3,600ක ගෑස් තොගය ප්‍රමාණවත් වන්නේ දින 03ක් සදහා පමණයි. 

කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 වර්ගයේ ගෑස් සිලින්ඩර දෛනික අවශ්‍යතාව 80,000 ක් පමණ වනවා. කිලෝ ග්‍රෑම් 05 වර්ගයේ ගෑස් සිලින්ඩර් 15,000 ක්ද කිලෝ ග්‍රෑම් 2 යි දශම 3 වර්ගයේ ගෑස් සිලින්ඩර 16,000 ක්ද දෛනිකව නිකුත් කරනවා.