Sunday, May 5, 2024

General line - 0115112241

සිමෙන්ති කොට්ටයක් රුපියල් 350 කින් ඉහළ දැමේ




මෙරට නිෂ්පාදනය කෙරෙන කිලෝග්‍රෑම් 50 හේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 350 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව නව මිල වන්නේ රුපියල් 1850 ක්. 

මෙරට ආනයනය කෙරෙන කිලෝ ග්‍රෑම් 50 හේ සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 375 කින්. ඒ අනුව එම සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1950 ක් වනවා.

මේ අතර බහාලුම් ප්‍රවාහන ගාස්තුද සියයට 60කින් ඉහළ දමන බව සමස්ථ ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සනත් මංජුල පැවසුවේ ඉන්ධන සහ අමතර කොටස්වල මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස ප්‍රවාහන ගාස්තු ඉහළ දමන බවයි.