Saturday, May 4, 2024

General line - 0115112241

අදානි සමාගමට ශ්‍රී ලංකාවේ තවත් ආයෝජන අවස්ථාවක්




පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සදහා ඉන්දීය අදානි සමාගමෙන් ඩොලර් මිලියන 500 ක ආයෝජනයට කැබිනට් මණ්ඩල අනුකමිටුවේ අනුමැතිය හිමිවී තිබෙනවා. අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඒ බව සදහන් කළා.

මේ අතර වසර 6 ක් තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් උත්පාදනය කිරීමට යෝජිත වොට් ප්‍රමාණය 5,000 ක්. එය ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට කටයුතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දුන් බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ. 

ඉදිරියේදී මෙරට පුනර්ජනනීය ව්‍යාපෘතීන් සදහා අදානි සමාගම තවත් අයෝජන සිදු කිරීමට නියමිතව තිබෙනවා. එම ආයෝජන පමා නොකරන බවත් එසේ පමා කිරීමට කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් සදහන් කළේ.