Sunday, May 5, 2024

General line - 0115112241

අද සිට පාසැල් කටයුතු සාමාන්‍ය අතට




අද දිනයේ සිට සාමාන්‍ය පරිදි සියළු ළමුන් පාසල් වෙත කැදවනු ලබනවා. නව පාසල් වාරය ඉකුත් 7 වනදා ආරම්භ කළ අතර ශිෂ්‍ය සංඛ්‍යාව 20 ක් හෝ ඊට අඩු පන්ති කාමරවල සිසුන් සතියේ දින පහේම පාසල් වෙත කැදවනු ලැබුවා. 

අනෙකුත් සිසුන් පාසල් වෙත ගෙන්වනු ලැබුවේ කොටස් වශයෙන්. අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් ඉකුත් සිකුරාදා සදහන් කළේ අද දිනයේ සිට සියළු ළමුන් පාසල් වෙත සාමාන්‍ය පරිදි කැදවන ලෙසයි. 

අද සිට දරුවන් පාසල් වෙත එවීමේදී ඔවුන්ට අමතර මුව ආවරණයක් ලබාදෙන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය මව්පියන්ගෙන් ඉල්ලීමක් කළේ. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.

පාසල් තුළ සෞඛ්‍ය උපදෙස් දැඩිව ක්‍රියාත්මක කළයුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පෙන්වා දෙන්නේ. ඒ පිළිබද සොයා බැලීමට අද සිට පාසල් නිරීක්‍ෂණය කරන බවද එම සංගමයේ සභාපති උපුල් රෝහණ නෙත් නිවුස් වෙත පැවසුවා.