Sunday, May 5, 2024

General line - 0115112241

ගෑස් මිලත් වැඩිවෙයිද? තීරණාත්මක සාකච්ඡාව අද




ලිට්‍රෝ සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තීරණාත්මක රැස්වීමක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඉන් අනතුරුව මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව ද ලිට්‍රෝ සමාගම සඳහන් කළා. 

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 750 ත් 800 ත් අතර මුදලකින් ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් මේවනවිට පවතින බව ලිට්‍රෝ සමාගම පවසනවා. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටී ඇති පසුබිමක් තුළ පාඩු ලැබීමකින් තොරව සමාගම පවත්වාගෙන යාමට නම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල එවැනි අගයකින් ඉහළ දැමිය යුතු බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. 

මේ අතර මේවනවිට මෙරට මුහුදු සීමාවේ ගෑස් රැගත් තවත් නෞකා 02 ක් නැංගුරම් ලා තිබෙනවා. ඉන් එක් නෞකාවක් නිදහස් කර ගැනීම සඳහා අද දිනයේදී මුදල් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ලිට්‍රෝ සමාගම පැවසුවා. අද දිනය තුළ එම නෞකාව නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් මෙරට තුළ යළිත් ගෑස් හිගයක් ඇතිවන බවයි ලිට්‍රෝ සමාගම පෙන්වා දෙන්නෙ.

මුදල් ගෙවා අවසන් වරට නිදහස් කර ගැනුණු නෞකාවෙන් ගොඩබෑ ගෑස් තොගය ප්‍රමාණවත් වන්නේ අද දිනයට පමණක් බව ද ලිට්‍රෝ සමාගම සඳහන් කළා. මෙරට දෛනික ගෑස් අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 1100 ක්.