Thursday, May 16, 2024

General line - 0115112241

IMF නියෝජිතයින් ජනපති හමුවෙයි




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙකු ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මුණ ගැසුණා. 

එම නියෝජිතයින් අතරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මෙන්ම ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිතවරයාද අයත්. කෙසේවෙතත් එහිදී සාකච්ඡාවට ලක්වූ කරුණු පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය තොරතුරු වාර්තා කර නැහැ.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා අද පස්වරුවේ පිටත්ව ගියා. ඒ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල ද සමඟයි. මුදල් අමාත්‍යවරයා දින දෙකක් ඉන්දියාවේ රැදී සිටිනු ඇති. 

ඉන්ධන, ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඉන්දියාව විසින් ලබාදෙනු ලබන ණය ආධාරය කඩිනමින් ලබා ගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි මාධ්‍ය වාර්තා පළ වී තිබුණේ.