Thursday, May 16, 2024

General line - 0115112241

සුලු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් ලබන සතියෙන් පසු නතර කිරීමේ තීරණයක්




සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ඉදිකිරීම් බොහෝවිට ලබන සතියේ සිට නතර වනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසනවා. ඔහු පැවසුවේ මේ වන විටත් සුලු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් සියයට 50 කින් නතරවී ඇති බවයි.

පවතින ගැටලුකාරී තත්ත්වයට කඩිනම් විසදුමක් බලාපොරොත්තු වන බවයි ඔහු පැවසුවේ.

අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම ඉදිකිරීම් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලකර ඇති බවත් සිමෙන්ති මිල ඉහළ ගියද සිමෙන්ති හිඟය සම්පූර්ණයෙන්ම අවසන්වී නොමැති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.