Thursday, May 16, 2024

General line - 0115112241

ඉන්දීය සංචාරය නිමවා මුදල් ඇමති යලි දිවයිනට

ටී.කේ.ජී.කපිල - කටුනායක




මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය ඉන්දීය දෙදින නිල සංචාරය නිමා කර අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කර සිටියා.

මෙම සංචාරය අතරතුර දී ඉන්දීය රජය වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් අනුමත කරවා ගැනීමට කටයුතු කරනු ලැබුවා.

මෙම සංචාරය සදහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ මුදල් අමාත්‍යවරයාගේ බිරිඳ ද එක් වී සිටියා.

ඔවුන් අද දින පස්වරු 01.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.