Sunday, April 28, 2024

General line - 0115112241

නැවත දැනුම් දෙන තුරු ගිණිකොණ දිග මුහුදු ප්‍රදේශයේ යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක්




නැවත දැනුම්දෙන තුරු ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා. 

ගිණිකොණ දිග මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය අද උදෑසන වන විට අන්දමන් මුහුද ආශ්‍රිත ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව කේන්ද්‍රගතව පැවති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

එම පද්ධතිය නැගෙනහිරට බරව ඊසාන දෙසට ගමන් කරමින් තව දුරටත් වර්ධනය වී මාර්තු මස 20වන දින වන විට පීඩන අවපාතයක් බවට පත්වනු ඇති බව අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ නිවේදනයේ සදහන්. මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කළා.