Sunday, April 28, 2024

General line - 0115112241

ඉන්දියානු ණය සඳහා කොන්දේසි දැමුවාද - ඇමති බැසිල්ගෙන් උත්තර




ඖෂධ සහ අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය කඩිනමින් ගෙන්වීමට ඉන්දියාවෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල යොදවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. සිය ඉන්දීය නිල සංචාරය නිමා කර අද පස්වරුවේ යළි දිවයිනට පැමිණිමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

අදාළ ණය මුදල ලබා දීමේදී ඉන්දීය රජය ඉදිරිපත් කළ කොන්දේසි මොනවාදැයි මාධ්‍යවේදියෙකු මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. ඊට ඔහු ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. 

සිය දෙදින ඉන්දීය නිල සංචාරයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඇතුළු එරට ඉහළ පෙළේ නිළධාරීන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වූවා. 

දෙරටේ ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන් එම සාකච්ඡා වලදී විශේෂ අවධානයක් යොමුවූ බවයි වාර්තා වුණේ. කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල්කරණය, සංචාරක හා ධීවර යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.