Thursday, May 16, 2024

General line - 0115112241

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී




2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය 20යි 20 තරඟාවලියක් ලෙස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට  අද තීරණය කෙරුණා. ඒ කොළඹදී පැවති ආසියානු ක්‍රිකට් කවුන්සලයේ මහා සභා රැස්වීමේ දීයි. 

අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එම තරගාවලිය පැවැත්වීමටයි එහිදී තීරණය කර ඇත්තේ. තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ තරග ලබන අගෝස්තු 20වනදා සිට පැවැත්වීමට එහිදී තීරණය වී තිබෙනවා. 

ඒ, 2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබීම සැලකිල්ලට ගෙනයි. මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් මස 16 වනදා සිට නොවැම්බර් 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

එම තරගාවලියට පෙර සූදානමක් ලෙසයි මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය 20යි 20 තරඟාවලියක් ලෙස පැවැත්වීමට තීරණය කර ඇත්තේ.