Saturday, May 4, 2024

General line - 0115112241

සියලුම දේශපාලන පක්ෂවලට තිබෙන වගකීමක් ගැන රජයේ ඇමතිවරයෙකු කතා කරයි




ජනාධිපතිවරයා විසින් කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීම සියලු දේශපාලන පක්ෂවල වගකීමක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පවසනවා. 

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් ඇති ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. මෙවන් අවස්ථාවක විපක්ෂයේ සියලුම කණ්ඩායම් එකට එක්විය යුතු බව ද ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර සඳහන් කළා. 

උද්ඝෝෂණ කිරීමෙන් ආර්ථික අර්බුදයට විසඳුම් නොලැබෙන බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.