Thursday, May 16, 2024

General line - 0115112241

උතුරු කොරියානු තහනම් මිසයිලයක් එරට නැගෙනහිර මුහුදට




උතුරු කොරියාව තහනම් අන්තර් මහද්වීපිත මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව සහ ජපානය පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියානු නැගෙනහිර මුහුදු සීමාවට එම මිසයිලය එල්ලකර ඇති බවයි. 

2017 වසරෙන් පසු උතුරු කොරියාව සිදුකළ විශාලතම මිසයිල අත්හදා බැලීම මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එම මිසයිලය කිලෝමීටර් 1,100 ක දුරක් ගමන් කර මුහුදට වැටී ඇති බව දකුණු කොරියානු සහ ජපාන බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.